Gossips

මුම්බායි නුවර මාර්ග ජලයෙන් යටවේ – ගුවන් ගමන්වලටත් බාධා

ඇද හැලෙන පූර්ව මෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ වානිජ අග නගරය ලෙස සැළකෙන මුම්බායි හි මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
ධාරානිපාත වැසි සමඟ දැඩි සුළං තත්වයක්ද එහි දක්නට ලැබෙන අතර, විදුලි රැහැන් කඩාවැටී විදුලි සැර වැදී පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මුම්බායි හි සිවාජි මහාරාජ් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන්වලටද අයහපත් කාලගුණයෙන් බාධා පැමිණ තිබෙනවා.
ඒ අනුව කොළඹ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අහමදාබාද් වෙත ඊයේ රාත්‍රියේ හරවා යවා ඇති අතර, අනෙකුත් ගුවන් සේවාවල ගුවන් ගමන් රැසක්ද වෙනත් ගුවන් තොටුපල වෙත යොමුකර ඇති බව සඳහන්.