උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් අද මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ඒ, අතුරුදන්වුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කාර්යාලය පිළිබදව විශ්වාසයක් නොමැති බව පවසමින්.
යුද සමයේ අතුරුදන් වූ උතුරේ ජනතාව පිළිබදව සොයා බැලීමට ජාත්‍යන්තර මැදිහත්වීම මත පරීක්ෂණයක් අවශ්‍ය බව ද ඔවුන් එහිදී ප්‍රකාශ කළා.
මේ අතර, අතුරුදන්වූවන්ගේ කාර්යාලය යුද්ධයෙන් අතුරුදන් වූ මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාව සම්බන්ධයෙන් අද මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාක්ෂි ලබාගැනීම සිදුකළා.
ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය