Gossips

පේරාදෙණියේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේදී අද උදැසන මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ඇල මාර්ගයකට පෙරලියාමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහල්ට ඇතුලත් කර තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක්.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කර ඇතිබවයි පොලිසිය පැවසුවේ.
පේරාදෙණිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.