Gossips

තනතුරු වෙනස් වන නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (03) පැවැත්වෙනවා.
ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම මධ්‍යම කාරක සභාවට අමතරව සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ද හෙට රැස්වීමට නියමිතයි.
පසුගිය 17 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අවසන් වරට රැස්වූ අතර, එහිදී තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරුණා.
හෙට රැස්වන මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ඊට සභාවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි නිදහස් පක්ෂ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ.
කෙසේ වෙතත්, නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් වන කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවට ආරාධනා ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළා.
පක්ෂයේ වැදගත් තීන්දු, තීරණ ගැනීමට නියමිත මධ්‍යම කාරක සභාවට ආරාධනාවක් ලැබුණහොත් තමන් ඊට සහභාගි වන බවයි ඔහු කියා සිටියේ.