Gossips

අඩුපාඩු බලන්න ගිය රාජිතට රෝගීන්ගෙන් චෝදනාවක්

දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීම සඳහා ඊයේ (01) එම රෝහලට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහි රෝගීන් රැදී සිටින අංක දෙක, කාන්තා වාට්ටුව නිරීක්ෂණය කිරීමට නොපැමිණි බව පවසමින් කාන්තාවක් චෝදනා එල්ල කළා.
දඹුල්ල මූලික රෝහලේ අඩුපාඩු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු එම රෝහලට පැමිණියා.
අමාත්‍යවරයා පැමිණීමත් සමඟ එහි සිටි මාධ්‍යවේදීන් මෙන්ම රෝගීන් කිහිප දෙනෙකු රෝහලේ අඩුපාඩු ඇමතිවරයාට පැහැදිලි කළා.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව අමාත්‍යවරයා අංක දෙක කාන්තා වාට්ටුව ඇතුළට නොයා දොර ආසන්නයේ සිට වාට්ටුව නැරඹීමෙන් පසු අමාත්‍යවරයා පිටව යනවාත් සමඟම එහි සිටි කාන්තාවක් සිය විරෝධය පළ කළා.
කෙසේ වෙතත්, පසුව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම රෝහල් සේවකයින් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ දඹුල්ල රෝහල පිළිබද නිරන්තරයෙන් මාධ්‍යයෙන් පළ වන අතර, එහි පවතින අඩුපාඩු පිළිබද සොයා බැලීමට කටයුතු කරන බවයි.
අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර ඇත්තේ දඹුල්ල මූලික රෝහලේ පවතින අඩුපාඩු තමන් හඳුනාගෙන ඇති අතර, ප්‍රදේශයට අංග සම්පූර්ණ රෝහලක් ලබාදීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවයි.