දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන මාරාන්තික නිපා වෛරසයෙන් මේ වන විට පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පියවර රැසක්ම ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව මහජනයා එක්රැස් වන අවස්ථා සීමා කිරීමට ද පියවර ගැනෙන අතර රජයේ පොදු විභාග ද කල් දමා තිබෙනවා.
නිපා, පළතුරු වවුලන් ඇතුළු සතුන්ගෙන් මිනිසාට බෝ වන වෛරස් රෝගයක්.