Gossips

කෝටි දෙකකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් මෙරටට ගෙන්වූ කේරළ ගංජා කිලෝ 154 ක් සමග පුද්ගලයන් තුන්දෙනෙකු මන්නාරම සිලාවතුර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.
මෙම ගංජා තොගයෙහි වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික බවටයි අනාවරණ වී ඇත්තේ.
ඉන්දියාවේ සිට මන්නාරමට ගෙන්වා තිබු කේරළ ගංජා තොගය කොළඹට ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබු බව සඳහන්.
එහි කිලෝ දෙක බැගින් වූ පාර්සල් 72 ක් තිබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සැකකරුවන් ඉන්දියාවේ සිට යාත්‍රා මගින් ධීවරයන් ලෙසට වෙස්වලාගෙන මෙම කේරළ ගංජා තොගය රැගෙනවිත් තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.