Gossips

කිම් ජොං අන් හමුව ස්ථීරයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ ජුනි 12 වන දා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත සමුළුව කලින් සැලසුම් කළ ආකාරයෙන්ම පැවැත්වෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
කිම් ජොං අන්ගේ ලිපියක් රැගෙන පැමිණි උතුරු කොරියානු විශේෂ නියෝජිත ජනරාල් කිම් යොං චොල් මුණ ගැසීමෙන් අනතුරුවයි ජනපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ.
කෙසේ වෙතත් උතුරු කොරියානු නායක කිම්ජොන් අං සමග පැවැත්වීමට නියමිත සමුළුව අවලංගු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය 24 වනදා ප්‍රකාශ කළා.
උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු කියා සිටියේ උතුරු කොරියාව මෑතකදී දැක්වූ දැඩි පසමිතුරුකම් හේතුවෙන් තමා උදහසින් පසුවන බවයි.
එහිදී ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළේ උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටික අවි බලය ගැන අදහස් ප්‍රකාශ කළ ද ඇමරිකාව ඊට වඩා බෙහෙවින් ප්‍රබල රටක් බවයි.
කෙසේ වෙතත් උතුරු කොරියානු නායකයා සහ ජනාධිපති ට්‍රම්ප් අතර මෙම සමුළුව මීට පෙර සැලසුම් කළ ආකාරයෙන්ම ලබන ජුනි 12 වනදා සිංගප්පූරුවේදී පැවැත්වීමටයි නැවත සැලසුම් කර ඇත්තේ.