Gossips

බෙල්ලන්විල විමලරතන නාහිමිගේ දේහය රැගත් රිය පෙරහර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයට ළගා වෙයි

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහර මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයට ළගා වී තිබෙනවා.
අදාළ රථ පෙරහර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයට ළඟාවීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවය ආරම්භ කිරීමට නියමිතයි.
අවමංගල පූජෝත්සවය සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරු, සර්ව ආගමික පූජකවරුන් මෙන්ම දේශපාලනඥයින්ද සහභාගිවී සිටින බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සදහන් කළේ.
ආදාහන පූජෝත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ හයිලෙවල් පාරේ විජේරාම මංසන්ධියෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දෙසට වාහන ඇතුලූ කිරීමද සීමාකර තිබෙනවා.