Gossips

ගාල්ල – කීඹිකන්දේ ගල් කොරියක් නැවත විවෘත කිරීම නවතී (ඡායාරූප)

වසා දමා තිබූ ගාල්ල – වදුරඹ – කීඹිකන්ද ප්‍රදේශයේ ගල්කොරියක් නැවත විවෘත කිරීම ජනතා විරෝධය මැද අද නවතා දැමුණා.
ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙර එහි ගල් බෝර දැමීමේදී පුද්ගලයෙකුට ජීවිතය ද අහිමි වූ බවයි.
කෙසේ වෙතත්, නව හිමිකරුවෙකු යටතේ මෙම ගල්කොරිය අද සිට යළි විවෘත කිරීමට සූදානම් වුවද ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පළ කළා.
පසුව එම ස්ථානයට දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන්, භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරින් සමඟ පැමිණ ඇති කර ගත් එකඟතාවක් මත විරෝධය අවසන් වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.


ඡායාරූප – හිනිදුම රවින්ද්‍ර චන්ද්‍රලාල්