Gossips

ඉන්ධන පිරවුම්හලේ කොල්ලය CCTV කැමරාවේ සටහන් වෙයි

ආයුධ සන්නද්ධව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ,බුලත්සිංහල නගරයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණ වෙඩි තබා මුදල් කොල්ල කා පලා ගොස් තිබෙනවා.
මෙය සිදුව තිබුණේ අද උදෑසන 6ට පමණ බවයි පොලිසිය සඳහන් කළේ.
පොලීසිය සඳහන් කළේ රුපියල් 5000ක මුදල් ප්‍රමාණයක් ඔවුන් රැගෙන ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර, යතුරුපැදියකින් ඉන්ධන පිරවුම්හලට පැමිණෙන දෙදෙනා ගිනිඅවි සහ ආයුධ පෙන්වමින් එහි සේවකයින් බියගන්වා මුදල් මංකොල්ල කා පලායන ආකාරය අසළ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා.