Gossips

හත් හැවිරිදි දරුවා පිළිස්‌සූ කුඩම්මා රක්ෂිත බන්ධනාගාරයට

හත් හැවිරිදි කුඩා දරුවෙකු පුළුස්සා වද හිංසා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහිදී වරද පිළිගත් කාන්තාවකට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් මීගමුව අධිකරණය විසින් නියමකර තිබෙනවා.
එම දඬුවම වසර පහකට අත්හිටුවීමට තවදුරටත් නියෝග කර ඇති අතර ඊට අමතරව විත්තිකාර කාන්තාවට රුපියල් හත්දහස් පන්සීයක දඩ මුදලක් සහ තුවාල ලැබූ දරුවාට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවීමටද අධිකරණය නියෝගකර තිබෙනවා.
මෙලෙස දඬුවම් නියමකර ඇත්තේ එම දරුවාගේ සුළු මවට බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
51 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව කටුනායක, ගුවන් හමුදා කඳවුර මාවතේ පදිංචිකාරිනියක්.
තුවාල ලැබූ දරුවාගේ මව රැකියාවක්‌ සඳහා විදේශ ගතව ඇති අතර මෙම විත්තිකාරිය දරුවාගේ සුළු මව ලෙස පැමිණ විත්තිකාරිය ගුවන් හමුදා සෙබලෙක් වන දරුවාගේ පියාගේ අනියම් බිරිඳ බවට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
දරුවා සිදුකළ වරදකට දඬුවම් වශයෙන් අදාල කාන්තාව කොළ කැබැල්ලක් දල්වා දරුවාගේ නිකට පුළුස්‌සා ඇති බවයි වාර්තා වන්නේ.