Gossips

ජල සේවකයින් ක්‍රියාමාර්ග දැඩි කරයි

ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් මේ වනවිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් අද (01) පෙරවරු 9ට ආරම්භ කළ මෙම සංකේත වර්ජනය පස්වරු 1 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
මීට අමතරව, සති අන්තයේදී නඩත්තු කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත වන බවයි ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ.
මේ අතර, කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, අද රාත්‍රී 7 සිට හෙට පෙරවරු 7 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ පෑලියගොඩ, ජා-ඇල, වත්තල සහ සීදුව යන නගර සභා බලප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි.