Gossips

බද්දේගමදී පලාගිය රැඳවියන් කොළඹ

බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලාගිය රැඳවියන් පස්දෙනෙකු කොළඹ ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් ද විමර්ශනයක් ක්‍රියාත්මකයි.
ඊට අදාළ වාර්තාව ලබන සදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියා සිටියේ.
බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය රැඳවියන් 6 දෙනා අතුරෙන් 21 හැවිරිදි එක් රැඳවියෙකු බද්දේගම – ඇල්ලකන්ද ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසේ සිටියදී පසුගිය මස 29 වනදා අත්අඩංගුවට ගැණුනා.