Gossips

17 හැවිරිදි උසස් පෙල සිසුවෙකු අතුරුදන්

කිලිනොච්චිය පුනරීන් සිට යාපනය දක්වා දර රැගෙන ගිය 17 හැවිරිදි උසස්පෙල සිසුවෙකු පසුගිය 29 වනදා සිට අතුරුදහන්ව ඇති බවට පුනරීන් පොලීසිය හා යාපනය පොලීසි වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
පසුගිය 29 වනදා සවස එම පාසල් සිසුවා යාපනය කච්චේරිය අසල පිහිටි නො.44/12 ඒ-9 පාර සින්නයියා මරකන්දන් නැමති ලිපිනයට පාපැදියකින් දර රැගෙන ගොස් ඇති අතර දර ලබා දීමෙන් පසුව එදින අඳුර වැටී ඇති හෙයින් නිවෙස් හිමියන් විසින් පාසල් සිසුවාට එම නිවසේ නවාතැන් දී ඇති අතර පසු දින (30) අළුයම 5.30ට පමණ පාසල් සිසුවා විසින් එම නිවසෙන් පිටත් වූ බවට නිවෙස් හිමියන් විසින් යාපනය පොලීසියට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් 30 වනදා පිටත් වූ පාසල් සිසුවා දින තුනක් නොමැතිවීම නිසා පුනරීන් පොලීසිය හා යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹ කර තිබෙනවා.