Gossips

රටේ ම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගැන යුද හමුදාවේ පරීක්ෂණ වාර්තාවේ අවසන් තීරණය මෙන්න

රටේ ම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගැන යුද හමුදාවේ පරීක්ෂණ වාර්තාවේ අවසන් තීරණය මෙන්න"
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව යුද හමුදාව හරහා කිසිදු පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ යුද හමුදාව හරහා පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය දා, ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
එහිදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඔවුන් ඉදිරියට පැමිණ කිසියම් සංඥාවක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් මතුවුණේ විදේශ අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිටවූ බව ඊයේ නිවේදනය කිරීමත් සමගයි.
පසුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් එම තනතුරෙහි පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කළා.
අදාළ සිදුවීම පහතින්.

රටේම අවධානය යොමුවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගැන විශේෂ සටහනක් පහතින්.