Gossips

උඩරට එලවළු මිල ඉහළ යයි

කන්ද උඩරට ප්‍රදේශයේ වගා කෙරෙන එලවළු මිල ගණන් යළිත් ඉහල ගොස් තිබෙනවා.
කැරට්, බෝංචි, මාළු මිරිස්, ලීක්ස් ආදී එලවළු කිලෝවක තොග මිල ඊයේ දිනය වනවිට රුපියල් 300 දක්වා ඉහල ගොස් ඇති බවටයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කළේ.
අධික වර්ෂාව නිසා කන්ද උඩරට වගා කෙරුණු එලවළු වගාවන් විනාශ වීම මෙලෙස මිල ගණන් ඉහල යෑමට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත්, පහත රට වගා කෙරෙන එලවළු මිල ගණන් ඊට සාපේක්ෂව පවතින්නේ පහල අගයකයි.