Gossips

මහ මැතිවරණයක අවශ්‍යතාව හිටපු ජනපති පැහැදිළි කරයි

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට අවශ්‍යතාවය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින්.
අදාළ සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ පැවති රාමසාන් උත්සවය වෙනුවෙන් සංවිධාන කර තිබූ ඉෆ්තාර් උත්සවයකට එක්වුණා.