Gossips

දකුණේ උණ රෝගය ගැන වෛද්‍යවරුන්ගේ මතය

දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පවතින කාලගුණ තත්ත්වයත් සමඟ කුඩා දරුවන් අතර තවදුරටත් පැතිරයාමේ අවදානමක් පවතින බව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න පවසනවා.
එම උණ රෝගය හේතුවෙන් ආසන්නතම මරණ 03 ක් වාර්තා වුණේ මාතර – තිහගොඩ, කෝමංගොඩ සහ කරගොඩඋයන්ගොඩ ප්‍රදේශවලින්.
මේ අතර, මෙම උණ රෝගයට ලක්ව මේ වනවිට තම රෝහලට පැමිණෙන රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනාරත්න කියා සිටියේ.
කෙසේ වෙතත්, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න ප්‍රකාශ කරන්නේ වැඩිහිටි රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබුණද රෝගී දරුවන් සංඛ්‍යාවේ අඩුවක් සිදුව නොමැති බවයි.