Gossips

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් දෙබරවැව රෝහලේ සායන කටයුතු නතර කරයි

වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් හම්බන්තොට – දෙබරවැව මූලික රෝහලේ සායන කටයුතු මේ වනවිට නවතා දමා තිබෙනවා.
දෛනික සේවා කටයුතු සදහා වෛද්‍යවරුන් 52 නෙකු එහි සිටිය යුතු වුවත් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව 31 ක්.
වෛද්‍යවරුන් අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කළ ද මෙතෙක් ඊට විසදුම් ලැබී නොමැති බවටයි දෙබරවැව මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රභාත් ලියනාරච්චි සදහන් කළේ.
ඒ අනුව, රෝහලේ කායික, නාරි සහ ප්‍රසව මෙන්ම ශල්‍ය සායන කටයුතු නවතා දැමූ බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.