Gossips

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 12 ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, හෙට රාත්‍රී 7 සිට ලබන සෙනසුරාදා පෙරවරු 7 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ පෑලියගොඩ, ජා-ඇල, වත්තල සහ සීදුව යන නගර සභා බලප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටයි.