Gossips

20ට, 16 ත් එරෙහිවෙයි

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන සංශෝධනයට සිය විරෝධය පළ කරන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 19 වන සංශෝධනයට ජන්දය භාවිතා කලත් එමගින් ජනාධිපතිවරයාගේ බලතල යම් තරමකට අඩු වුවද අගමැතිවරයා ඉවත් කරන ආකාරය සම්බන්ධයෙන් සඳහනක් කර නොමැති බවයි.
20 වන සංශෝධනය හරහා මහජන ජන්දයෙන් ජනාධිපති වීමට නොහැකි පුද්ගලයෙකුට අගමැති ධූරය හරහා බලය ලබාදීමක් සිදු වන බවත් එව කුමන හෝ පාර්ශවයක කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමක් බවත් ඔහු සඳහන් කළා.