Gossips

සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනපතිට

අදට යෙදී ඇති ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව ක්‍රියාත්මක සමෘද්ධි කොඩි වැඩසටහනේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත පැළඳවීම සිදු කෙරුණා.
ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. දුම්වැටි උවදුර වනසා දරිද්‍රතාව අවම කර, සංවර්ධනය ප්‍රවර්ධනය කරමු යන තේමාව යටතේ අද සිට ලබන මස 30 වනදා දක්වා මෙම කොඩි වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා.
කොඩි වැඩසටහන හරහා පසුගිය වසරේදී දිවයිනෙන් වැඩිම මුදලක් රැස් කළ ඉබ්බාගමුව – යක්තුරේ – උස්සාව සමෘද්ධි මූල සංවිධානයේ දැරියක විසින් මෙම වසරේ පළමු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.