Gossips

කිසිවෙකු නොසිතූ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේ ඇරඹුමේ අත් වූ ඉරණම

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟය මේ වනවිට මීර්පූර් හි ශරේ බංගලා ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
කෙසේ වෙතත් එහිදී කිසිවෙකු නොසිතු ලෙස ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ බලඇණිය සම්පූර්ණයෙන් ම මර්ධනය කරන්නට බංගලාදේශ පන්දුයවන්නන් සමත් වූවා.
මේ වනවිට ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 162ක්.
ආරම්භ පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 68 ක් ලබාසිටියදීයි.
අනතුරුව පිටියට පිවිසි සියලු ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවකින් දවාගැනීමට බංගලාදේශ පන්දුයවන්නන් සමත් වූවා.
මේ වනවිට නොදැවී පන්දුවට පහරදෙන රොෂේන් සිල්වා ලකුණු 26 ක් ලබාගෙන ක්‍රීඩාකරනවා.
නායක දිනේෂ් චන්දිමාල් අබ්දුර් රසාක්ගේ සුපිරි පන්දුවක් හමුවේ තමන් මුහුණදුන් පළමු පන්දුවෙන් ම නැවත ක්‍රීඩාගාරයට හැරී ගියා.
පන්දු යැවීමේදී අබ්දුර් රසාක් කඩුලු 4 ක් දවාගත්තා.
එහිදී ඔහු පිළිවෙලින් දනුෂ්ක ගුණතිලක සහ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් එකපෙළට ක්‍රීඩාගාරයට හරවා යවමින් කඩුලු ත්‍රිත්වයකට ආසන්න වූවා.
කෙසේ වෙතත් ඔහුට එම සිහිනය සැබෑකරගැනීමට අවස්ථාව හිමිවුයේ නෑ.
එරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඔහු මෙම තරඟාවලියට එක්වන්නේ වසර තුනකට පසුව වීම විශේෂත්වයක්.
අද තරගය පරාජය නොවී සිටියහොත් , ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ 8 වන ස්ථානය දක්වා ඉහලට පැමිණීමේ අවස්ථාව බංග්ලාදේශය සතුයි.
ශ්‍රී ලංකාව එම වර්ගීකරණයේ 6 වන ස්ථානයේ පසුවනවා.