Gossips

අද හිරු ගමින් ගමට මාතලේ – යටවත්තට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මාතලේ – යටවත්ත – මාතලාපිටිය ගම්මානයේයි.
හිරු ගමින් ගමට වැඩසටහන අද පැවැත්වෙන්නේ මාතලේ – යටවත්ත – වලවල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
මෙම වැඩසටහනට එක්වන ජනතාවට හිරු ජංගම මැදිරිය නරඹා සජීවීව වැඩසටහන් සමඟ සම්බන්ධවීමටද අවස්ථාව සැලසීම විශේෂත්වයක්. එසේම ත්‍යාග රැසක් ඔවුන් වෙත බෙදාදීමටයි හිරු එෆ්.එම්. කටයුතු යොදා ඇත්තේ.