Gossips

විස්සට විරුද්ධවීමට ඒකාබද්ධයේ නායකයින්ගෙන් තීරණයක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඔහුගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ පැවති සාකච්ජාවේදීයි.
එමෙන්ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ක්‍රියාමාර්ග දැඩි කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය වූ බවයි පිිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.