Gossips

තද සුළං තත්වය හෙට දක්වා

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින තරමක් තද සුළං තත්වය හෙට දක්වා පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක 60 ක පමණ දක්වා තද සුළං ඇතිවිය හැකියි.
බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50 ක් දක්වා තරමක් තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිායසිටියේ.