Gossips

ධීවරයින්ගේ කැමැත්ත පරිදි සහනාධාර ලබාදීමට කටයුතු කරනවා

හැකි ඉක්මනින් ධීවරයින්ගේ කැමැත්ත පරිදි සහනාධාර ලබාදීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා.
ජාඇල ප්‍රදේශයේදී ධීවර සමිති කිහිපයක් සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා
ධීවර සහෝදරයින්ගේ ඉල්ලීම අමාත්‍යාංශයේ සහ අපේ ඉල්ලීමට වඩා ටිකක් වෙනස් .සහනාධාර ලැබෙන්න ඕනේ අය හඳුනාගෙන ඉතා ඉක්මනින් ධීවර සහෝදරය කැමති ක්‍රමයකට තමයි මම ධීවර ඇමතිවරයා හැටියට උත්සාහ කරන්නේ.මම ඉන්නේ ධීවරයාගේ පැත්තේ.