Gossips

සනත් නිශාන්තගේ ඇප ඉල්ලීම හෙට යළි සළකා බැලේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මෝසම අද හලාවත මහාධිකරණයේදී කැඳවනු ලැබුවා.
එහිදී මහාධිකරණ විනිසුරු එම්.බී.සී.එස්. මොරායස් සුදුසු ඇපකරුවන්ට හෙට වත්කම් සහතික සමඟ අධිකරණයේ පෙනී සිටින ලෙසයි නියෝග කළේ.
මීට පෙර මන්ත්‍රිවරයාට සහ ඔහුගේ සොහොයුරාට ඇප තැබූ පුද්ගලයන් තුන්දෙනාගෙන් ලක්ෂ 3 ක ඇප මුදලක් රාජසන්තක කරන ලෙසද මෙහිදී විනිසුරුවරයා නියෝග කළා.
2008 වසරේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා අත්අඩංගුවට ගෙන ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාවටයි.