Gossips

උතුරේ අධ්‍යාපන ඇමති ටී.අයි.ඩී.යට කැදවයි

උතුර පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා තිබෙනවා.
ලබන මස 5 වන දා මෙලෙස පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇත්තේ යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහි කරමින් පසුගිය 18 වන දා පළාත් ධජය අඩකුඹු කරන ලෙස කළ දැනුම්දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.
කෙසේ වෙතත්, තමන් එදින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී නොසිටින බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ. සර්වේෂ්වරන් සඳහන් කළා.
තමන්ට යොමු කර ඇති ලිපියේ සඳහන් තම නමේ දෝෂ පවතින බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.