වෙඩි තබා ඝාතනය කරනු ලැබූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ ඩී .එන්.ඒ. පරීක්ෂණය කඩිනමින් සිදුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව ප්‍රධාන මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි අද පොලිස්පතිවරයාට නියෝග කළා.
මේ සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබූ නමුත්, එම වාර්තාව අද දිනයේ ද ඉදිරිපත් නොකිරීම හේතුවෙනුයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
එම ඇතාගේ දල රැගෙන යමින් තිබියදී සොයාගත් මෝටර් රථය, ව්‍යාජ එකක් බවට හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඝාතනය කරන ලද ගල්ගමුව – දළ පූට්ටුවා හස්තියාගේ සිරුර පසුගිය වසරේ නොවැම්බර් 29 වන දා සොයා ගත්තේ පොල්පිතිගම – කහල්ල – පල්ලෙකැලේ අභයභූමියේ හොරොව්වැව ඉස්මත්තේ තිබියදියි.