Gossips

එක්සත් ජනපද කොංග්‍රස් කමිටු නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි

සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොංග්‍රස් කමිටුවේ නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.
අද උදෑසන (30) ජනාධිපති නිල නිවසේ දී මේ හමුවීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ලෝකයේ සියලූ රටවල් සමග සහයෝගයෙන් සහ මිත්‍රශීලීත්වයෙන් කටයුතු කරන රාජ්‍යයක් බවයි.
එමෙන්ම නූතන ලෝකයේ තාක්ෂණයෙන් තොර ආරක්ෂාවක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කොන්ග්‍රස් කමිටු සාමාජිකයෝ පොරොන්දු වී ඇති අතර ශ්‍රී ලංකාව ශක්තිමත් සහ සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීම තම රටෙහි ප්‍රතිපත්තිය බවයි ඔවුන් මෙහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.