Gossips

අනාරක්ෂිත වැසිකිලි වළකට වැටීමෙන් කාන්තාවක් මරුට

සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්වය පැවති අවස්ථාවේදී අනාරක්ෂිත වැසිකිලිවළකට වැටීමෙන් වැලිමඩ – ඉහළ කොටවෙහෙර ප්‍රදේශයේ කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි කාන්තාවක් බවයි වැලිමඩ පොලීසිය සඳහන් කළේ.
මේ අතර, ඊයේ හමා ගිය දැඩි සුළං හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රදේශයේ නිවාස 13කට සහ වැලිමඩ ප්‍රදේශයේ නිවාස 4කට අර්ධ හානි සිදුව තිබෙනවා.