Gossips

කේරළ ගංජා කිලෝ 24ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මන්නාරම – පේසාලේ – ඕළුතොඩුවායි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 24ක් සමඟ තරුණයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
24 සහ 27 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා අදාළ ගංජා තොගය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 29ක් වන අතර සැකකරුවන් අදාළ කේරළ ගංජා තොගය අලෙවි කිරීම සඳහා රැගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.