Gossips

Update : දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ වර්ජනය නිසා දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
Update : Wednesday, May 30, 2018 8.59AM
——————————————————-
සියයට 12.1ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් ඊයේ පස්වරු 4ට ආරම්භ කළ පැය 48ක සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දුම්රිය තාක්ෂණික සේවාවලට අයත් අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් සේවකයින් වහාම සේවයට වාර්තා කළ යුතු බවයි.
කෙසේ වෙතත්, බලධාරීන් වෘත්තිය සමිති මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් සංකේත වර්ජනය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ.
වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම වර්ජිත සේවකයන්ගෙන් ඉල්ලීමක් කළා.
කෙසේ වෙතත් දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත කියා සිටියේ වර්ජනය හෙට පස්වරු හතර දක්වා ක්‍රියාත්මක කරන බවයි.
වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී නොමැති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
එමෙන්ම, ආරක්ෂාව සඳහා නියමිත ප්‍රමාණයට වැඩියෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් ප්‍රධාන දුම්රිය ස්ථානවලට යොදවා ඇති බව ද එහි ප්‍රකාශකයෙකු තවදුරටත් කියා සිටියා.