Politics Sri Lanka

මඩ ප්‍රචාරවලින් කියාපාන්නේ ඔවුන්ගේ පසුබෑමේ තරමය- අනුර දිසානායක පවසයි

මඩ ප්‍රචාරවලින් කියාපාන්නේ ඔවුන්ගේ පසුබෑමේ තරමය- අනුර දිසානායක පවසයි

මැතිවරණ ප්‍රචාරක කාලය තුළදී පරාජිත බංකොලොත් කණ්ඩායම් විසින් ගෙන යන ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජවිපෙ නායක අනුර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බ්‍රිගේඩියර් ප්‍රියන්කර ප්‍රනාන්දු මහතාගේ සිදුවීමට අදාළව තමන් විසින් කළා යැයි පැවසෙන ව්‍යාජ ප්‍රකාශයක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කිරීමට බංකොලොත්වී සිටින පරාජිත කණ්ඩායම් විසින් කටයුතු කරගෙන යන බවත් එම මඩ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් සිය පේස්බුක් පිටුව ඔස්සේ ඒ මහතා ප්‍රකාශ කරයි.