Gossips

මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

ගාල්ල – ලබුදුව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 10ක් සමඟ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මධුෂ්ගේ ගෝලයා අවුරුදු 38ක් වයසැති හපුගල – මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරුවන් දෙදෙනා අවුරුදු 23 හා 33 යන වයස්වල පසුවන නියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.