Gossips

බඹරඇල්ලෙන් පැන තරුණයෙකු සියදිවි හානිකරගනී

බඹරඇල්ලෙන් පුද්ගලයෙකු පහළට පැන ඊයේ (29) සියදිවි හානිකරගෙන ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පවසනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන්නේ 24 හැවිරිදි අලුවෙල,දංකොටුව ප්‍රදේශයේ පදිංචි අබේසිංහ මුදියන්සේලාගේ සනෝජ් මිහිරංග නමැති අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මෘත ශරීරය හල්දුම්මුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර පරිෂණ පවත්වනවා.
මේ අතර අදාල සිද්ධිය එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්.