Gossips

බටපොළ දී දැරියක් පැහැර ගත් 4 දෙනෙකු අත්අඩංගුවට

බටපොල – සාදමුල්ල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුවියක් පැහැරගෙන යාමේ සිද්ධියකට අදාලව පුද්ගලයින් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අලූයම 3ට පමණ නිවැසියක් බිය වද්දවා මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
අනතුරුව බටපොල පොලීසිය මගින් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සිසුවිය පැහැරගැනීම සඳහා පුද්ගලයන් පස්දෙනෙකු පැමිණ ඇති බවයි.
පසුව ඊයේ පස්වරුවේ පැහැරගැනීමට ලක්වූ සිසුවිය සොයාගැනීමට පොලීසිය සමත්ව ඇති අතර, අනෙක් සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.