Gossips

ටී.බී. කැඳවීම ගැන අමරවීර කථා කරයි

හිටපු සංස්කෘතික අමාත්‍ය ටී.බී.ඒකනායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අම්බලන්තොට ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියා.
‘‘හොරකම් කලානම් ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා වෙන්කිරීමක් කරන්න බැහැ. අපි එදත් කිව්වේ හොරුන්ට දඩුවම් කරන්න කියලා ඒත් දඩුවම් කිරීමේ ප්‍රමාදයක් පවතිනවා. ටී.බී ඒකනායක හිටපු සංස්කෘතික ඇමැති තුමා වාහනයක් අවභාවිතා කලා කියා එෆ්.සි.අයි.ඩී එකට කැඳවීම සිල්ලර වැඩක්. ඊට වඩා කැඳවිය යුතු අය ආණ්ඩුවේත් විපක්ෂයේත් ඔනෑතරම් ඉන්නවා. ’’ ඔහු වැඩිදුරටත් කියා සිටියා.