Gossips

ආණ්ඩුවට ඇමති අර්ජුනගෙන් චෝදනාවක්

ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ පත්ව ඇති තත්ත්වයට තම ආණ්ඩුව වගකිව යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.
ශ්‍රී ලංකාවට එල්ලවී තිබෙන තරග පාවාදීමේ චෝදනා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අල්ජසීරා රූපවාහිනී නාලිකාව ප්‍රචාරණය කළ ගවේෂණාත්මක වැඩසටහනක් හරහා ශ්‍රී ලංකා ඇතුලූ රටවල් කිහිපයක ක්‍රිකට් තරග මුදලට පාවාදීමේ සිදුවීම් පිළිබඳව පසුගියදා අනාවරණ කෙරුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්ති නාමයට කළු පැල්ලමක් එක් කරමින් වාර්තාවුණු මෙම සිදුවීම් පිළිබඳ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පසුව ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.