Gossips

ඩෙංගු කීට ඝනත්වය ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු කීට ඝනත්වය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති නජිත් සුමනසේන කියා සිටියේ කඩිනමින් මදුරු මර්දනය සිදුනොකළහොත් එය වසංගත තත්ත්වයක් දක්වා පැතිර යා හැකි බවයි.
මේ වසරේ මැයි මාසය තුළ ඩෙංගු රෝගීන් 2647ක් වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 20,083 දෙනෙකුට ඩෙංගු රෝගය වැළදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.