Gossips

වැස්ස අඩුවුවත් සුළං වැඩිවෙයි

දිවයිනට බලපෑ වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබුණ ද තද සුළං සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දැනටමත් මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසකට මෙම සුළං තත්ත්වය බලපා ඇති අතර, ප්‍රදේශ කිහිපයක ගස් කඩා වැටීම් සහ නිවාස වලට හානි සිදුවීම් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේ සහ අද අලූයම හමා ගිය සුළං හේතුවෙන් හැටන් සහ වටවල ප්‍රදේශවල නිවාස රැසකට හානි සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ බලපෑ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් නිසා ප්‍රදේශ රැසක විදුලිය ද ඇණහිට තිබෙනවා.
දඹුල්ල, නාවුල, තෙල්දෙණිය, කුණ්ඩසාලේ සහ බදුල්ල යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් 14,000කට වැඩි පිරිසකට විදුලිය ඇණහිට ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
ඉදිරි පැය කිහිපය තුළ දී විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙන්ම මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බවයි.
මේ අතර, යාපනය කුරිකට්ටුනවාන් ධීවර වරායෙන් මුහුදු ගොස් දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි ධීවරයින් තුන්දෙනා නිරුපද්‍රිතව අද අලූයම ගොඩබිමට පැමිණ තිබෙනවා.
පසුගිය 26 වන දා ඔවුන් මෙලෙස මුහුදු ගොස් තිබූ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් දින දෙකක් තිස්සේ මුහුදේ අතරමංව ඇති අතර පසුව යාත්‍රාව අලූත්වැඩියා කර නැවත ගොඩබිමට පැමිණ ඇති බවයි ඔවන් සදහන් කර ඇත්තේ.