Gossips

ලොවම කැළඹූ අල්ජසීරා චෝදනාවලට අමුතු පිළිතුරක්

ක්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය විකාශය කළ ගවේෂණාත්මක වැඩසටහනේදී සිය ක්‍රීඩකයන්ට එල්ල වන චෝදනා ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත නායකයන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සිය කණ්ඩායම් එවැනි තරඟ පාවාදීම්වලට සම්බන්ධ නොමැති බවටයි ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් සහ එංගලන්ත නායක ජෝ රූට් ප්‍රකාශ කර ඇත්තේ.
2016 – 2017 වසරේ එංගලන්තය – ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙලෙස තරඟ පාවාදීම් සිදුවූ බවට අල්ජසීරා වැඩසටහන මගින් චෝදනා එල්ල වුණා.
ඒ සඳහා එංගලන්ත ක්‍රීඩකයන් 3 දෙනෙකු සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙකු සම්බන්ධ බවටයි එමගින් චෝදනා එල්ල වූයේ.
අල්ජසීරා වැඩසටහන මගින් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ද චෝදනා එල්ල වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කළ ඉන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.
කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය අල්ජසීරා රූපවාහිනිය වෙතින් සංස්කරණය නොකළ වීඩියෝපට ඉල්ලා ඇති බව සඳහන්.