Gossips

උතුරු කොරියානු නියෝජිතයෙක් ඇමරිකාවට

උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ පාලනයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ජනරාල් කිම් ජොං චොල්, ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
ඔහු බීජිං නුවර හරහා පසුගිය බදාදා එලෙස ඇමරිකාව බලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔහු මෙලෙස ඇමරිකාව බලා ගොස් ඇති බව විශ්වාස කෙරෙනවා.
නායකයින් දෙදෙනා අතර සමුළුව ජුනි 12 වන දා සිංගප්පූරුවේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.