Gossips

විභාග උත්තරපත්‍ර ඇගයීම් පාසල් නිවාඩු කාලය තුළදීම

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු පාසල් නිවාඩු කාලය තුළදීම සිදුකිරීමට තමන් යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඊයේ අමාත්‍යාංශයේ පැවති විදුහල්පති සේවයේ 85 දෙනෙකුට උසස්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් හේතුවෙන් සිසු දරුවන්ට සිදුවන අපහසුතා වළක්වා ගැනීම අරමුණු කරගනිමින් මෙලෙස අවම කාලසීමාවක් තුළ විභාග සඳහා ලබාදෙන පාසල් නිවාඩු කාලය තුළදීම එම ඇගයීම සිදුකිරීමට තම උපදෙස් ලබාදී ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.