Gossips

උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණයෙන් 40 ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, බිහාර් සහ ජාර්කාන්ද් ප්‍රාන්තවලට බලපෑ චන්ඩ මාරුතය, ධාරානිපාත වැසි සහ අකුණු හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් මරණ 19 ක් බිහාර් ප්‍රාන්තයෙන් වාර්තාවන අතර, යාබද ජාර්කාන්ද් ප්‍රාන්තයේ 12 දෙනෙකු ආපදා හේතුවෙන් මියගොස් ඇති බව සඳහන්.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ තවත් 9 දෙනෙකු දැඩි සුළං සහ අකුණු සැර ඇතුළු ආපදා හේ්තුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය කාලගුණ අංශ සඳහන් කළේ ඉදිරි පැය 24 තුළද උතුරු ඉන්දියාවට අයහපත් කාලගුණයක් පවතිනු ඇති බවයි.