Gossips

ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය බිඳ වැටුණු හේතුව මෙන්න

ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය බිඳ වැටුණු හේතුව මෙන්න"
තද සුළං හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටේ
දඹුල්ල, නාවුල, තෙල්දෙණිය, කුණ්ඩසාලේ, බදුල්ල යන ප්‍රදේශවලට විදුලිය විසන්ධි වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිට බලපෑ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටී ඊට හානි සිදුවීමෙන් මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ විදුලි පාරිභෝගිකයින් 14,000කට වැඩි පිරිසකට මෙලෙස විදුලිය ඇණහිට ඇති බවයි.
ඉදිරි පැය කිහිපය තුළ දී විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.