Gossips

සියල්ලන් ආදරය කළ ප්‍රවීණ චිත්‍රපට නිළි ගීතා දිවියෙන් සමුගනී

ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට රංගන ශිල්පිනියක් වූ ගීතා කපූර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයනවිට ඇය 67 හැවිරිදි වියේ පසුවූවා.
චිත්‍රපට 100කට රංගනයෙන් එක්වූ ඇය වඩාත් ජනප්‍රිය වූයේ Pakeezah චිත්‍රපටයට හරහායි.
කෙසේ වෙතත් දිවියේ අවසන් කාලය ඇය එතරම් සතුටුදායක වූයේ නෑ.
ඒ ඇය අවසන් කාලයේ ගතකළේ මුම්බායි වැඩිහිටි නිවසක වීම හේතුවෙන්.
ඇයට පුත්‍රයෙකු සහ දියණියක සිටින අතර පුත්‍රයා වේශ නිරූපන ශිල්පියෙකුවන අතර දියණිය ගුවන් සේවිකාවක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ගීතා අවසන් කාලයේ දැඩි ලෙස රෝගාතුරව සිට ඇතිමුත් දරු දෙදෙනා ඇය බැලීමට නොපැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් ඇය දැඩිලෙස අසරණව සිට ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චිත්‍රපට නිෂ්පාදකයෙකු වන අශෝක්‌ පණ්‌ඩිත් ඇයගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් ලබාදී ඇති බවයි.
මේ අතර මියයාමට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර ඇත්තේ තම බැංකු ගිණුමේ තිබූ මුදල් ද පුත්‍රයා විසින් ලබාගත් බවයි.
පසුව ඇයගේ දේහය රෝහලේ තැන්පත් කර ඇත්තේ දරුවන් දෙදෙනා අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන තෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේවෙතත් දරුවන් නොපැමිණීම හේතුවෙන් පසුව දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.