Gossips

කෘත්‍රිම මත්පෙති සහ මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මාළිගාවත්ත ප්‍රදේශයේදී කෘත්‍රිම මත්පෙති, කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ මධ්‍යම කොට්ඨාශයේ නීතිය බල ගැන්වීමේ ඒකකය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී එම 38 හැවිරිදි එම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන්.
එම අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී කෘත්‍රිම මත්පෙති 89ක්, කොකේන් ග්‍රෑම් 9ක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සැකකාරිය කලක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවයි.